Wednesday, February 29, 2012

මගේ අම්මට පිළිකාවක්.!!



අද තමයි මේ බ්ලොග් එක ලියන්න හිතුවේ
ගොඩාක් හේතු ඇතිව..
ඊයේ අම්මගේ ජනවාරි 29 කරපු බයොප්සි ඔපරේෂන් එකේ 
ප්‍රතිථල ලැබුනේ...
එකත් මාසකට විතර පස්සෙ..
පහුගිය මාසෙම අම්මා ජාතික රෝහලේ 77 වාට්ටුවේ
හිටියේ..



හැම රිපෝට් එකක්ම ආසිර සර්ජිකල් එකෙන් ගත්ත.
රිපෝට් 5ක්. එකක් 16000/-ක්.


ඇස්වලින් කදුලු ආවේ කොළඹ කැම්පස් එකෙන් ෆයිනල් ටෙස්ට්
රිපෝට් ගන්න ගිය ලැබ් ‍එකේ ඩොක්ටර් තුෂාර අම්මට
පිළිකාවක් කියපු  වෙලාවෙයි.

මගේ අම්මට පිළිකාවක්.!!
ජනවාරි මාසේ මුලින්ම ඩොක්ටර් වසන්ත පෙරේරාට
පෙන්නපු වෙලාවෙ බැලු බැල්මටම එයා කිව්වා මේක පිළිකාවක
ලක්ෂන තියනවා. (ෆයිබර් සාකෝමා පිලිකාවක්) අම්මගේ 
කකුල කපන්න වේවි දනිසටත් උඩින් කියලා.
ඒත් මම විශ්වාස කලේ නෑ. කව්රුවත් තුන්හිතකින්වත් 
හිතුවෙ නෑ එහෙම දෙයක්.. එහෙම ඒත් දැන් පිළිකාවක් කියලා තහවුරු වෙලා.
මගේ අම්මගේ කකුල කපන්න? මට හිතාගන්නවත් බැ...


ඩොක්ටර් වසන්ත පෙරේරා අද ටෙස්ට රිසාල්ටt බලලා
පිලිකා වෛද්‍ය ඩිහාන් ගුණසේකට කියලා කෙනෙක්ට දැම්මා.
ඩොක්ට කියනවා මේක අසාමාන්‍යයි. අම්මට තියෙන්නෙ
නොන්හොජ්කින් ලිම්ෆෝමා කියන පිළිකාවලු. 
සාමාන්‍යයෙන් කකුලෙ මේ පිළිකා එන්නෙ නෑලු.
මට හිතාගන්න බෑ. බලමු..
හෙට තමා ඩොක්ට එන්නෙ නවලෝකෙට..
මගේ අම්මව කොහොම හරි මම සනීප කරගන්නවා.
ඔව් මට පුලුවන්.. 
ඒත් අම්මා ගැන ඩොක්ටර්ස්ලා කියන දේවල් මට තනියම 
දරාගන්න වෙලා. අක්ක අයියා නංගි හිටියට එකම කොල්ලා 
විදියට ඇස්වලට එන කදුලු හංගගෙන මේ හැම දේම මට
දරාගන්න වෙලා...
නංගිගේ වැඩත් ඉස්සරහට කරන්න තියනවා..
ඒ හැම දෙයක්ම අතර මේ ප්‍රශ්නයට මුල් තැන දිලා හැම දේම 
දරාගෙන කරන්න වෙලා..
ඉතින් ඇස් වලින් නොවැටෙන කදුලු මෙහෙම ලියලා
මගේ දුක තුනී කරගන්න වෙලාවක් තියන හැම වෙලාවෙදිම
දුක දැනෙන හැම වෙලාවෙදිමයි 
කාටවත් නොදැනෙන මගේ දුක 
කාටවත් නොපෙන්නන මගේ දුක 
මම අකුරු කරනවා..
අම්මව සනීප කරගන්න කල්ම..


පුතෙකුට ලෝකේ වටිනාම වස්තුව අම්මා..
ඉතින් ඒ වටිනාම වස්තුව අහිමි කරගන්න බෑ 
මට..


ඔව් මට පුලුවන්..
මම අම්මව සනීප කරගන්නවා.