Wednesday, April 4, 2012
ආයුර්වේද පිළිකා පර්යේෂන ආයතනය
අද හවස අම්මව මහරගම ආයුර්වේද පිළිකා පර්යේෂන ආයතනයට එක්ක ගියා.
තාත්තා පත්තරේ දැකලා පිළිකා සනීප කරන වෙද මහත්තයෙක් ඉන්නව
කියලා විස්තරෙ කිව්වා. මමත් කලින් ඒක දැක්ක. ඉංග්රිසි බෙහෙත් කරන නිසා උනන්දු උනේ නෑ.
රෝද පුටුවෙ තියාගෙන එක්ක ගියා.. ඩොක්ටර් අම්මව බලල කිව්වා
ලෙඩාට එලියෙන් තියන්න කියලා අපිත් එක්ක කතා කලා.
අම්මව බලන වෙලාවෙ ආයුර්වේද දොස්තරලා 15ක් විතරම හිටියා.
ලොකුම දොස්තර තමා බැලුවේ. අනික් අයට අම්මගේ රිපෝට් පෙන්නලා
කිව්වා කකුලේ ඇට දිරන තරමට මේක පැතිරිලා. හරිම කලාතුරකින් එන
පිළිකාවක් තමා. බෙහත් කරන්න බාරගන්න අමාරුයි. ඒත් මම බෙහෙත් කීපයක් දෙන්නම්
බීලා බලන්න. ඒත් බලාපොරොත්තු තියාගන්න එපා. ඉස්සරහට හොදට පරිස්සම් කරන්න.
ඉංග්රිසි බෙෙහත් දිගටම දෙන්න කියලා..
අපි හැමෝගෙම ඒ බලාපොරොත්තුවත් ඉවරයි..
හිතාගන්න බෑ..අම්ම නෙවී අපියි ගිය ආත්මෙ පව් කරලා ඇත්තෙ.
මෙතරම් දුක දරාගන්නෙ කොහොමද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment