Monday, July 30, 2012

රෝද පුටුවත් දන්දෙන්න පුලුවන් උනා.




අම්මගේ රෝද පුටුවත් දන්දෙන්න
පුලුවන් උනා.
මෙනින්ජයිටිස්/අක්මාව නරක් වුන වයසක අම්ම
කෙනෙකුට.
පවු ඒ අම්ම මට කතාකරලා ගොඩාක්වෙලා පිං දුන්නා.
පුතා ඔයාට විතරක් නෙවි ඔයා බිහිකරපු අම්මටත්
ජාති ජාතිත් මටවගෙ විපතක් වෙන්න එපා කියලා
කියනකොට කතා කලෙ ‍මොබයිල් එකෙන් උනත්
මගේ ඇස් වලට කදුලු ආවා.

ඒ අම්මට අවුරුදු 50ක් විතර.
දුවලා දෙන්නයි පුතයි. ලොකු දුව කාගිල්ස් එකේ
අනික් කෙනා උසස්පෙල ලබන අවුරුදුදේ. පුතා
තාවම 9 වසර. මහත්තයා දාලා ගිහින්.
හරිම අසරන පවුලක්. අක්කට විස්තර කිව්වම
අක්කා රු 1000ක් මාසෙට ඉගෙන ගන්න ලමයට දෙන්න
බලන්නම් කිව්වා.
හොදට ඉගෙන ගෙන රස්සාවක් නැති කමට කාගිල්ස් එකේ
වැඩ. මම කිව්වා අපේ කම්පැනි එකට ගන්නමි අප්ලිකේෂන් එකක්
දෙන්න කියලා.

කවදා හරි කරන හොද විතරයි ඉතුරු වෙන්නෙ.

අම්මා වෙනුවෙන් පිං කරනවා ඇර වෙන මොනවා කරන්ද අපි දැන්?

1 comment:

  1. අම්මා වෙනුවෙන් කරන්න ඕන දෙවල් ඔයා කරලා තියනවා සහ දැනටත් කරනවනේ..අපිට අපේ දෛවය වත් සනාථන දහම වත් වෙනස් කරන්න බෑනේ...ජීවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න.ඔබ හොඳ පුතෙක් / දුවක්

    ReplyDelete